May 07, 2024

20 - 20 ට මාලිංග නෑ

December 22, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2016 වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර්ලීග් 20 - 20 තරගාවලියෙන් ඉවත් වී තිබේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර කායික ආබාධයකට ලක්වීමේ අවදානම හේතුවෙන් මාලිංග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත් වූ බව ඔහුගේ කළමනාකරු සඳහන් කරයි.

එම තරගාවලිය පෙබරවාරි 04 වැනි දා සිට 24 වැනි දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ය. 20 - 20 ලෝක කුසලාන තරගාවලිය ද එළැඹෙන මාර්තු සහ අප්‍රේල් මාසවල ඉන්දියාවේ දී පැවැත් වේ.

 

Rate this item
(0 votes)