April 27, 2024

නවසීලන්තය ජයග‍්‍රහණයට ලකුණු 47 ක් පසුපසින් 

December 20, 2015

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හැමිල්ටන්හි දී පැවැත්වෙන දෙවැනි සහ අවසන් තරගයේ තෙවැනි දිනය වූ අද (20) පස්වරුවේ ක‍්‍රීඩාව අවසන් කරන විට ජයග‍්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කය හඹායන නවසීලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේ දී කඩුලු 05 ක් දැවී ලකුණු 142 ක් රැස්කර සිටියේ ය.  

නවසීලන්ත කණ්ඩායම කඩුලු 05 ක් අතැති ව තවත් ලකුණු 47 ක් පමණක් පසු පසින් සිටී.

තෙවැනි දිනය අවසන් වනවිට කේන් විලියම්සන් (නොදැවී 78) බී. ජේ. වොට්ලින් (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ. නවසීලන්ත ආරම්භක පිතිකරුවන්වන ටොම් ලෙතම් සහ මාටින් ගප්ටිල් ලකුණු 11 ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට දුෂ්මන්ත චමීර සමත් විය.

නවසීලන්ත පන්දු යවන්නෝ තරගයේ වාසිය සම්පූර්ණයෙන් ම සියතට ගනිමින් ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 133 කට සීමා කිරීමට සමත් වූහ. යොවුන් පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 90 කදී හතරේ පහර 08 ක් සමගින් ලකුණු 46 ක් රැස් කරමින් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය.

Rate this item
(0 votes)