April 28, 2024

ශ්‍රී ලංකාව 292 යි

December 19, 2015

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හැමිල්ටන්හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (19) යි. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම  ලකුණු 292 කට දැවී යනු ලැබී ය. 

නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 77 ක් ලබාගත් අතර, මිලින්ද සිරිවර්ධන ලකුණු 62 ක් රැස් කළේ ය. එසේ ම දිනේෂ් චන්දිමාල් ලකුණු 47 ක් ලබාගෙන තිබේ. 

පන්දු යැවීමේ දී ටිම් සවුතී ලකුණු 63 කට කඩුලු 03 ක් බිඳ හෙලූ අතර, ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 51 කට කඩුලු 02 ක් බිඳ හෙලී ය. බ්‍රේස්වෙල් ලකුණු 81 ට කඩුලු 02 ක් ලබාගෙන ඇත.

Rate this item
(0 votes)