April 28, 2024

පාපන්දු සම්මේලනයේ සංවර්ධනයට විශේෂ කමිටුවක් 

December 16, 2015

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉදිරි දිගුකාලීන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කර තිබේ. 

රංජිත් රුද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 05 දෙනෙකු මෙම කමිටුවට ඇතුළත් බව වාර්තා වේ. 

අදාළ කමිටුව විසින් එළැඹෙන ජනවාරි 25 වැනි දා පාපන්දු සම්මේලනය වෙත සිය සැලැස්ම ඇතුළත් විශේෂ වාර්තාවක් ලබාදීමට නියමිතයි.

පසුගිය කාල සීමාව තුළ පාපන්දු සම්මේලනයේ උද්ගත වූ අර්බුද කිහිපයක් හේතුවෙන් මෙම කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත.

Rate this item
(0 votes)