April 27, 2024

ශ්‍රී ලංකාවට ලකුණු 122ක පරාජයක්

December 14, 2015

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ඩුනේඩින්හි දී අද (14) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 122ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. 

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1 – 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔවුන්ට හැකි විය.

යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේ දී ඉකුත් 10 වැනි දා ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 431 ක් රැස් කිරීමට සමත් විය. 

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට තම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 294 ක් පමණි.

නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 03 ක් දැවී ලකුණු 267 ක් රැස්කර ඉනිම අත්හිට වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 405 ක ඉලක්කයක් හිමි විය. 

කෙසේ වුව ද තරගයේ පස්වැනි හා අවසන් දිනය වූ අද 14 දිනයේ ඔවුන්ට රැස් කිරීමට හැකිවූයේ සියල්ලන් දැවී ලකුණු 282 ක් පමණකි. ඒ අනුව ලකුණු 122ක පරාජයක් ශ්‍රී ලංකාවට වැළඳ ගැනීමට සිදු විය.

තරගයේ වීරයා ලෙස මාටින් ගප්ටිල් සම්මාන දිනාගත්තේ ය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය 18 – 22 දිනවල හැමිල්ටන්හි දී පැවැත්වීමට නියමිතයි.

 

Rate this item
(0 votes)