April 28, 2024

ක්‍රිකට් නිලවරණයෙන් 06දෙනකුගේ නම් ඉවතට

December 13, 2015

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමට නාමයෝජනා බාරදුන් 06දෙනකුගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වී තිබේ.

ක‍්‍රිකට් ආයතනයේ හිටපු උප සභාපතිවරුන් මෙන්ම මෙවරද උප සභාපති ධුර සඳහා තරග කිරීමට සූදානම් වූ කේ. මතිවානන් (තිලංග පාර්ශ්වය) සහ අසංග සෙනෙවිරත්න (නිශාන්ත රණතුංග පාර්ශ්වය) යන මහත්වරුන්ගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප වීම කැපී පෙනේ.

එසේම නිශාන්ත රණතුංග පාර්ශවයෙන් භාණ්ඩාගාරික ධූරය සඳහා නාමයෝජනා බාර දුන් ඊස්ට්මන් නාරංගොඩ මහතාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව තිලංග පාර්ශවයෙන් භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා බාරදුන් ශම්මි සිල්වා සිල්වා මහතා නිතරගයෙන් එම ධූරයට පත්වෙනු ඇත.

එසේම උප භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා බාරදුන් සිවුදෙනාගෙන් නිහාල් ලෙව්කේ, සුජීව ලොකුහේවා සහ ඒ. ඒ. ඩබ්ලිව්. ද සිල්වා යන මහත්වරුන්ගේ නාමයෝජනාද ප‍්‍රතික්ෂේප වී ඇත.

සභාපති ධූරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ සුමිත් ආර්. පෙරේරා, තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස සහ නිශාන්ත රණතුංග යන මහත්වරුන්ගේ නාමයෝජනා පිළිගෙන තිබේ.

 

Rate this item
(0 votes)