April 28, 2024

ශ්‍රී ලංකාව 197/4යි 

December 11, 2015

නවසීලන්තය සමග ඩුනෙඩීන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයවන අද (11) පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 197 ක් රැස් කර තිබේ.

එහෙත් දිමුත් කරුණාරත්න ලකුණු 84 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 83ක් ලබා සිටී. 

චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න තුන්වන කඩුල්ල සඳහා ලකුණු 122 ක් රැස් කළ අතර, නායක ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කර ගත හැකිවූයේ ලකුණු 2 ක් පමණි. චන්දිමාල් සමග කිත්රුවන් විතානගේ, කඩුල්ලේ රැඳී සිටී. 

නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 431 ක් ලබා ගනු ලැබී ය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් සිටින්නේ නවසීලන්තයට වඩා ලකුණු 234 ක් පිටුපසිනි. 

Rate this item
(0 votes)