April 28, 2024

උදාර ජයසුන්දරට ටෙස්ට් වරම්

December 10, 2015

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ ඩුනේඩීන් පිටියේ අද (10) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට උදාර ජයසුන්දර සමත් වී ඇත.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් සිටින නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 55ක් අවසානයේ දී කඩුලු දෙකකට ලකුණු 229ක් රැස්කරගෙන සිටී.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මාටින් ගප්තිල් සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 115ක් රැස්කර ගෙන සිටී.

ඔහු කේන් විලියම්සන් හා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 173ක සබඳතාවක් ගොඩ නැංවී ය.

සුරංග ලක්මාල් හා ණුවන් ප්‍රදීප් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගොස් තිබේ.

 

Rate this item
(0 votes)