May 02, 2024

කුසල් 'බී' පරීක්ෂාවට සූදානම්

December 09, 2015

තහනම් උත්තේජක චෝදනාවට ලක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා දෙවැනි (බී) මූත‍්‍ර නියදිය පරීක්ෂා කිරීමට තීරණය කර ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ගය සඳහන් කරයි. 

කුසල් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම හේතුවෙන් නවසීලන්ත සංචාරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉකුත් 07 වැනි දා පියවර ගත්තේ ය. 

ශ‍්‍රී ලංකාවේ දී පසුගිය ජූලි මස පැවැති පාකිස්තානු සංචාරයේ දී කුසල් තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දීමත් සමග මෙම තත්ත්වය උදා විය. 

පාකිස්තානු සංචාරය අතරතුර දී තමන්ට කූඩැල්ලකු දෂ්ඨ කළ බවත් ඊට බෙහෙත් ලබාගෙන ඒ පිළිබඳ කණ්ඩායමේ භෞතචිකිත්සකවරයකු දැනුවත් කිරීමෙන් අනතුරුව එම බෙහෙත භාවිතා කළ බවත් කුසල් නවසීලන්තයේ සිට කළේ යැයි කියන ප‍්‍රකාශයේ සඳහන්වන බව වාර්තා වේ. 

තව ද එම භෞතචිකිත්සකවරයා තහනම් උත්තේජක ලැයිස්තුව පරීක්ෂක්‍ෂාකිරීමෙන් පසුව අදාළ අදාළ බෙහෙත් වර්ගය ප‍්‍රශ්නකාරී නොවන බවත් කුසල් පැවසූ බවද එම ප‍්‍රකාශයේ සදහන් වන බව ද වාර්තා වේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුසල් දින 07 ක් ඇතුළත අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට අභියාචනයක් යොමු කළ යුතු අතර මේ මස 14 වැනිදාට පෙර ‘බී’ මූත‍්‍ර නියදිය පරීක්ෂා කරන ලෙස දැනුම්දිය යුතු ය. 

මෙම සිද්ධියේ දී කුසල් වෙනුවෙන් සියළු මැදිහත්වීම් කිරීමටත්, වියදම් දැරීමටත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රකාශකයෙකු පැවසී ය. 

 

Rate this item
(0 votes)