May 02, 2024

ඉන්දු - පකිස්තාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී 

December 08, 2015

ඉන්දියාව හා පකිස්තානය අතර එක්දින  හා 20 - 20 ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ඉන්දියාව හා පාකිස්තානය එකඟ වී ඇති බව හින්දු පුවත්පත වාර්තා කරයි. 

මෙම තරගාවලිය කෙටි තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිත අතර එය කඩිනමින් පැවැත්වීමට දෙරටෙහි අවධානය යොමු ව තිබේ.

ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දි පැවැත්විමට පාකිස්තානය එකඟතාව දැක්වුව ද ඒ සඳහා අනුමැතිය ලබා දීමට ඉන්දියාව කල්ගත කරනු ලැබී ය. සෙනසුරා දා දිනයේ දි පාකිස්තානය ඉන්දියාවට දැන්වූයේ සඳුදාවන විට අවසන් තීරණය ලබා දිය යුතු බවයි. 

ඒ අනුව තරගාවලිය පැවැත්වීම පිළිබඳ මේ වනවිට ඉන්දියාව සුබවාදී ආකල්පයක් දක්වා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය අද (08) පාකිස්තානයේ සංචාරයක නිරතවන අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Rate this item
(0 votes)