May 02, 2024

ඉන්දු - පාකිස්ථාන තරගය ගැන විශේෂ සාකච්ඡාවක් 

December 07, 2015

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අද (07) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ඉන්දීය රජයේ නිලධාරීන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලය අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

දෙරට අතර තරගය ශ්‍රී ලංකාවේ හෝ එංගලන්තයේ පැවැත්වීමට මීට පෙර අවධානය යොමු කර තිබිණ.  

ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදීම ඉන්දීය රජය පමා කරමින් සිටින බව ක්‍රිකට් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබී ය. 

ඒ සඳහා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය මේ වනවිට ලැබී තිබේ. ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා යෝජනා වූයේ දෙරටේ ක්‍රිකට් ආයතන ප්‍රධානීන් අතර පසුගිය නොවැම්බර් 21 වැනි දා ඩුබායි පැවති සාකච්ඡාවේ දී ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 December 2015 09:16