May 02, 2024

ක්‍රිකට් නාම යෝජනාවලට විරෝධතා 14ක් 

December 06, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණයේ නාම යෝජනාවලට අදාළව විරෝධතා 14ක් ලැබී ඇති බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා සඳහන් කරයි. 

එළැඹෙන 10 වැනි දා ඒ පිළිබද පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ඔහු පැවසී ය. 

නිළවරණයේ නාම යෝජනා භාර ගැනීම ඉකුත් 05 වැනි දා පස්වරු 03.00න් අවසන් විය. ක්‍රිකට් ආයතනයේ තනතුරු 27ක් සඳහා නාම යෝජනා 66ක් ලැබුණු බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළවරණය ජනවාරි 04 වැනි දා පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)