May 02, 2024

පිස්ටෝරියස්ගේ තීන්දුව වෙනස් වෙයි

December 04, 2015

දකුණු අප්‍රිකානු ආබාධිත කෙටිදුර ධාවන ශූර ඔස්කා පිස්ටෝරියස් සිතාමතාම මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බව දකුණු අප්‍රිකානු අභියාචනාධිකරණය ඊයේ (03) තීන්දු කර තිබේ.

එය එරට මහාධිකරණය විසින් මීට පෙර ඔහු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරුවෙකු කරමින් ලබාදුන් තීන්දුව වෙනස් කරමින් ලබාදුන් තීන්දුවකි.

අදාළ සිදුවීමෙහි කාරණා නැවත සලකා බැලීමෙන් අනතුරුව  මීට පෙර පිස්ටෝරියස්ට ලබාදුන් තීන්දුවේ යම් දෝෂයක් ඇති බව පෙනී ගිය බව එහි දී අධිකරණය මගින් දන්වා ඇත.

ඒ අනුව පිස්ටෝරියස්ට වසර 15 කටත් අධික කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැරාලිම්පික් පදක්කම් 08 ක් දිනා ඇති පිස්ටෝරියස් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කළ එකම ආබාධිත ක්‍රීඩකයා ලෙස ද ඉතිහාස ගත වේ.

කෙසේ වුව ද 2013 වසරේ දී සිය පෙම්වතිය වූ රීවා ස්ටීන්කැම්ප් ඝාතනය සම්බන්ධයෙන් ඔස්කා වරදකරු බවට පත් විය.

 

Rate this item
(0 votes)