May 06, 2024

සුනිල් නාරීන්ට පන්දු යැවීම තහනම්

November 30, 2015

කොදෙව් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක සුනිල් නාරීන් වහාම ක්‍රියාමත්වකවන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම තහනම් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට තහවුරුවීමත් සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති එක්දින තරගාවලියේ දී නාරීන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බවට අයි.සී.සීයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර එහි දී සිදු කළ පරීක්ෂණවලින් අණාවරණය වී ඇත්තේ නාරීන් පන්දු යැවීමේ දී අංශක 15 රීතිය කඩකරන බවයි.

මේ වනවිට නාරීන් අන්තර්ජාතික එක්දින හා 20 - 20 තරගවල දී ප්‍රථම  ස්ථානයේ රැඳී සිටින පන්දු යවන්නා වේ. 

 

Rate this item
(0 votes)