May 07, 2024

නවසීලන්තයේදී ක්‍රීඩා කිරීම අභියෝගයක් - මැතිව්ස් 

November 29, 2015

නවකයන් රැසක් සමග නවසීලන්තයේදී ක්‍රීඩා කිරීම අභියෝගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

එම තරගාවලියට පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, එම අභියෝගය ජය ගැනිමට සියලු උත්සාහයන් දරන බව ය.

ශ්‍රී ලංකා - නවසීලන්ත ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් හා පන්දුවාර 20යි 20 තරග දෙකක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(28) අලුයම නවසීලන්තය බලා පිටත් වූයේ ක්‍රිකට් ආයතනයේ පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය වසරේ දෙසැම්බර් මස දී නවසීලන්තයේදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස පරාජය විය.

Rate this item
(0 votes)