May 06, 2024

යුද හමුදාවට ජය

November 28, 2015

ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ යුද - නාවික හමුදා අතර තරගයෙන් ලකුණු 18-17 ක් ලෙස තියුණු ජයක් ලැබීමට යුද හමුදාව සමත් විය.

වැලිසර නාවික හමුදා පිටියේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධයේ දී නාවිකයන්ට දැඩි ප්‍රහාරයක් දියත් කළ යුද හමුදාව ලකුණු 13-05 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් එම අර්ධය නිමාවට පත් කර තිබේ.

කෙසේ වුව ද දෙවැනි අර්ධයේ දී නාවික හමුදාව සිය ගිලිහී ගිය ආධිපත්‍යය නැවතත් පැතිරවීමට දැඩි උත්සාහයක් ගත්ත ද එය ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් නොවී ය.

ජයග්‍රාහී යුද හමුදාව ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඬුවම් පහර දෙකක් මගින් සිය ලකුණු රැස් කළ අතර ගෝල දිනුමක් උත්සාහක දිනුම් දෙකක් මගින් නාවික හමුදාව සිය ලකුණු රැක් කළහ.

Rate this item
(0 votes)