May 06, 2024

ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් ගැටුම ලංකාවේ දී

November 27, 2015

ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට දෙපාර්ශ්වයම කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරයි.

පාකිස්තාන කණ්ඩායමට අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට අවශ්‍ය අනුමැතිය පාකිස්තාන අගමැති එරට ක්‍රිකට් ආයතනයට ලබා දී ඇති බව ද එම පුවත් සේවය සඳහන් කරයි.

ඉන්දීය සත්කාරකත්වයෙන් ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට පාකිස්තානය අකමැත්ත ප්‍රකාශ කර තිබෙන අතර පාකිස්තානයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරිමට ඉන්දියාව අකමැත්ත ප්‍රකාශ කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය යොමු විය.

තරගාවලියට එක්දින තරග 05 ක් හා 20 - 20 තරග 02 ක් ඇතුළත් අතර තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 November 2015 22:38