May 07, 2024

අමෙරිකාවට ක්‍රිකට් ඉගැන්වීමට මහේල

November 24, 2015

අමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරවීම සඳහා එරට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සහභාගිවන තරග තවදුරටත් අවශ්‍ය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකුවන මහේල ජයවර්ධන මහතා පවසයි. 

ඔහු මෙම අදහස් පළ කළේ අමෙරිකාවේ පසුගිය දා පැවති සුපිරි තරු ක්‍රිකට් තරගාවලියෙන් අනතුරු ව ය. 

මෙම තරගාවලිය සඳහා සචින් තෙන්ඩුල්කාර්ගේ සහ ෂේන් වෝන්ගේ නායකත්වයෙන් කණ්ඩායම් දෙකක් තරග වැදුනු අතර ලොව පුරා සුපිරි ක්‍රිකට් තරු ඊට එක් විය.

ඉදිරියේ දී අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම යළි ක්‍රීඩා කළ යුතු බව එහි දී මහේල ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. 

මෙම සුපිරි තරු ක්‍රිකට් තරගාවලිය සඳහා මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද එක් ව සිටි බව වාර්තා වේ. 

Rate this item
(0 votes)