May 06, 2024

ඉන්දු - පාකිස්ථාන තරඟ ශ්‍රී ලංකාවේ හෝ බංග්ලාදේශයේ?

November 23, 2015

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්ථාන තරඟ ශ්‍රී ලංකාවේ හෝ බංග්ලාදේශයේ පැවැත්වීමට දෙරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. 

මීට පෙර එම තරඟ පාකිස්ථානයේ හෝ සාජා නුවර පැවැත්වීමට සැළසුම්කර තිබුණද ඊට ඉන්දියානු සහ පාකිස්ථාන ක්‍රිකට් බලධාරින්ගේ එකඟත්වයක් නොමැති බව වාර්තාවේ. 

ඒ අනුව මෙම තරඟ ශ්‍රී ලංකාවේ හො බංග්ලාදේශයේ පැවැත්වීමට අවධානය යොමුවී ඇත.

ඉදිරි වසර අට තුළ ඉන්දු - පාකිස්ථාන තරඟාවලි 6 ක් පැවත්වීමට මේ වනවිටත් දෙරට ක්‍රිකට් බලධාරින් එකඟතාවන්ට පැමිණ අවසන් බවද වාර්තා වේ. 

Rate this item
(0 votes)