May 07, 2024

20 - 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග චෙන්නායිහි නොපැවැත්වේ

November 21, 2015

2016 වසරේ මාර්තු 11 වැනි දා සිට අප්‍රියෙල් 03 වැනි දා දක්වා ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව සහභාගීවන තරග කිසිවක් චෙන්නායිහි පිහිටා ඇති චිදම්බරම් ක්‍රීඩාංගණයේ නොපැවැත්වෙනෙ බව වාර්තා වේ.

ඉන්දියාව සහභාගීවන තරග එහි නොපැවැත්වීමට හේතු දක්වා නොමැති අතර ඒ වෙනුවට විදෙස් රටවල් සහභාගීවන තරග 02ක් එහි පැවැත්වීමේ හැකියාවක් පවතී.

තමිල්නාඩු ප්‍රාන්තයේ පවත්නා දේශපාලනික තත්ත්වය හේතුවෙන් සහ දෙමළ සහ සිංහල ප්‍රජාව අතර පවත්නා ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාව සහභාගීවන තරග එහි නොපැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

බදු සම්බන්ධ ගැටළු හේතුවෙන් දිල්ලි නගරයේ පිහිටා ඇති ක්‍රීඩාංගණයේ ද තරග නොපැවැත්වීමේ හැකියාවක් පවතින බව ඔවුන් තවදුරටත් පවසයි.

තරගාවලියේ අවසන් තරගය කල්කටා හි පිහිටා ඇති ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත වේ.

Rate this item
(0 votes)