May 03, 2024

අතුරු කමිටුවේ තීරණය ක්‍රීඩා ඇමති වළක්වයි 

November 07, 2015

කොන්ත්‍රාත් පදනම මත සේවය කළ සේවකයන් 70 දෙනෙකු ස්ථීර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව ගත් තීරණය, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා තිබේ.

තම අනුදැනුමකින් තොර ව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කොන්ත්‍රාත් පදනම මත විවිධ තනතුරු හෙබ වූ සේවකයන් 70 දෙනෙකු ස්ථීර කරන්නට ක්‍රිකට් අතුරු කමිටුව පියවර ගෙන තිබූ අතර අදාළ සේවකයන්ට පත්වීම් ස්ථීර කිරීමේ ලිපි ලබා දී තිබුණේ ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි විසින් ය.

Rate this item
(0 votes)