May 03, 2024

කොදෙව්වන් සමග දෙවැනි තරගය අද

November 04, 2015

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (04) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවැත් වේ. 

තරගාවලියේ පළමු තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.30ට ආරම්භවීමට නියමිතයි.

මේ වනවිට දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය හේතුවෙන් අද තරගයට ද වර්ෂාවෙන් බාධා ඇතිවීමට වැඩි අවස්ථාවක් පවතී. 

Rate this item
(0 votes)