May 03, 2024

'ඒක හොද පාඩමක්' - ඩිල්ෂාන් 

November 03, 2015

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරඟයේදී ඉගෙනගත යුතු පාඩම් රැසක් තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටී.එම්. ඩිල්ෂාන් පවසයි. 

ඔහු මේ බව අනාවරණය කළේ කොදව්වන් සමග පැවැති පළමු තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එහිදී ඩිල්ෂාන් වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය

"හොඳ අපිට පාඩමක් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා මේ තරගෙදි. අපිට ලේසියෙන් ඉවර කරන්න තිබුණා. අවාසනාවකට අපේ කඩුලු 3 ක් එක ඕවරේ ගියා. ඒක හොද පාඩමක්. මොකද යන්ග්ටර්ස්ලාට කොහොමද මැද බැට් කරන්නේ කියන එක ඒ ගොල්ලෝ තරග ක්‍රීඩා කරලම ඒ, එක්ස්පීරියන්ස් එක හදාගන්න ඕනේ. මං හිතන්නේ මේකෙන් ගොඩක් දේවල් ඒ ගොල්ලො ඉගෙන ගෙන කණ්ඩායමට ලොකු සේවයක් කරයි කියලා නවක පිතිකරුවෝ."

Rate this item
(0 votes)