May 03, 2024

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

November 02, 2015

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්  පන්දුවාර 26කට සීමා කර තිබේ.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 26 දී කඩුලු 08 ක් දැවි ලකුණු 159 ක් රැස්කර ගත් අතර එහි දී ඇන්ඩෘ රසල් ලකුණු 41ක් සහ නායක ජේසන් හෝල්ඩර් පන්දු 13 කදී ලකුණු 36 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවිමේ දී සුරංග ලක්මාල් ලකුණු 15කට කඩුලු 03 ක් දවා ගත් අතර ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 163 ක ඉලක්කයක් හිමි විය.

ඒ අනුව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ශාන් පන්දු 32 කදී හයේ පහර 03 ක් සහ හතරේ පහර 06 ක් සමගින් ලකුණු 59 ක් ලබා ගන්නා ලදී.

පළමු පන්දුවාර 12 දී ලකුණු සියයේ සීමාව පසු කිරිමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුව ද ලකුණු 152 ක වනවිට කඩුලු 09 ක් බිඳ වැටී තිබුණි.

කෙසේ වුව ද දක්ෂ පිතිහරඹයක නිරත වුණු අජන්ත මෙන්ඩිස් නොදැවී ලකුණු 21 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය අත්කර දුන් අතර තරගයේ විරයා ලෙස  ටී.එම් ඩිල්ශාන් නම් කෙරුණි.

දෙරට අතර මීළඟ තරඟය ලබන 04 වැනි දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

Rate this item
(0 votes)