May 05, 2024

ශ්‍රී ලංකා - කොදෙව් පළමු එක් දින තරගය අද

November 01, 2015

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය අද (01) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ආරම්භ වේ.

තරග 3කින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් තුන්දෙනෙකු එක්වීමට නියමිතයි. ඒ ෂෙහාන් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ධනුෂ්ක ගුණතිලකයි. 

ටෙස්ට් තරගාවලියට ඇතුළත් නොවූ අජන්ත මෙන්ඩිස් සහ නුවන් කුලසේකර ද සංචිතයට ඇතුළත් වෙති. වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමඟ දුෂ්මන්ත චමීර මෙන්ම, ටෙස්ට් තරගාවලියේදී දස්කම් දැක්වූ මිලින්ද සිරිවර්ධනද සංචිතයට එක්කර තිබේ. 

2019 චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම මෙම තරගය සමඟ ආරම්භ වීම මෙම එක්දින තරගාවලියේ තවත් විශේෂත්වයකි.

 

Rate this item
(0 votes)