May 05, 2024

නවසීලන්ත තරගාවලිය ජය ගැනීම ඉතා වැදගත් - ශෂිකලා සිරිවර්ධන

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත තරගාවලිය ජය ගැනීම වැදගත්වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා ශෂිකලා සිරිවර්ධන පවසයි.

කණ්ඩායම් 08 ක් සහභාගීවන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල කාන්තා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ නවසීලන්ත සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරග නවසීලන්තයේ දී පැවැත් වේ.

ඊට එක්දින තරග 05 ක් ඇතුළත්වන අතර පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 තරග සංඛ්‍යාව 03කි.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ශෂිකලා සිරිවර්ධන ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙ වනවිට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල කාන්තා ලෝක ශුරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දකුණු අප්‍රිකා, පකිස්ථාන සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට එරෙහිව ක්‍රිඩා කර තිබේ.

එහි ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගී වු තරග 09 න් ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 02 ක් පමණි. ඒ අනුව ඔවුන් කණ්ඩායම් සටහන් 07 වැනි ස්ථානයේ පසු වේ.

ශ්‍රී ලංකා නවසීලන්ත කාන්තා ක්‍රිකට් කන්ඩායම් අතර පළමු එක්දින තරගය ලබන මස 03 වැනි දා ලින්කන් ඕවල් ක්‍රිඩාංගණයේ දී පැවැත් වේ.

 

Rate this item
(0 votes)