May 05, 2024

එංගලන්තය පරදා පාකිස්ථානයට ජය

එංගලන්තය සමඟ ඩුබායිහි පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 178 ක ජයක් ලැබීමට පාකිස්ථානය ඊයේ (26) සමත් විය. 

පාකිස්ථානය පළමු ඉනිමේදී ලකුණු 378 ක් ලබා ගත් අතර, එංගලන්තය මුල් ඉනිම සඳහා ලකුණු 242 ක් පමණක් ලබා ගත්තේය.

දෙවන ඉනිමේදී පාකිස්ථානය කඩුලූ 6 ක් දැවී ලකුණු 354 ක් ලබා පන්දුවට පහරදීම අත්හිටුවනු ලැබීය. ඉන් අනතුරුව ලකුණු 491 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිල ලකුණු 312 කට දැවී ගියේය.

මේ අනුව, පාකිස්ථානය තරඟ 3 කින් යුත්, ටෙස්ට් තරඟාවලියේදී එකට බින්දුවක් ලෙස ඉදිරියට පැමිණ තිබේ.

 

Rate this item
(0 votes)