May 05, 2024

සමස්ත ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21, 22 ඇරඹේ

2015-2016 සමස්ත ලංකා තරගාවලියේ ආරම්භය නොවැම්බර් මස 21, 22 යන දිනවලදී ආරම්භ වන අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල සිටින සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් 2015 නොවැම්බර් 30ට පෙර මව් සංගමයේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය නිවේදනය කර සිටියි.

ඒ සඳහා අදාළ අයදුම්පත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මගින්, ගරු සභාපති, ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය, ක්‍රීඩා අමාත්‍යාංශය, කොළඹ 07 ලිපිනයට හෝ ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය, අංක 15/6 අබේරත්න මාවත, බොරලැස්ගමුව යන ලිපිනයට හො විද්‍යුත් තැපෑල මඟින් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ඊ ලිපිනයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය ඉල්ලා සිටියි.

Rate this item
(0 votes)