May 05, 2024

කොදෙව්වන් ලකුණු 163කට සීමා වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 163කට සීමා කිරිමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. 

පි. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම මේ වන විට ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව ඊයේ (22) ලකුණු 200කට සීමා විය.

ඒ අනුව ලකුණු 37ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබේ. දෙවැනි දිනය ආරම්භය තරමක් ප්‍රමාද විය.

කොදෙව් කණ්ඩායමේ කඩලු හතරක් දවා ගැනීමට ප්‍රසාද් සමත් වූ අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු තුනක් දවාගත්හ. තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන කඩුලු දෙකක් දවා ගැනිමට සමත්විය.

කොදෙව් කණ්ඩායමේ ආරම්භ පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ලකුණු 47ක් රැස්කළ අතර ඔහු හැරෙන්නට වෙනත් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක විමට අවස්ථාව නොලැබුණි.

 

Rate this item
(0 votes)