May 05, 2024

ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ තීරණාත්මක කාසිය එළි දැක්වෙයි

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (22)  පී.සරා ඕවල් පිටියේ දී ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගයේ දී කාසියේ වාසිය උරගා බැලීම සඳහා භාවිතා කරන කාසිය හා ශූරතාව සඳහා පිරිනැමෙන කුසලානය ඊයේ (21ද) එළිදැක්වී ය.

රන් ආලේපිත මෙම කාසිය එළිදක්වනු ලැබුවේ හිටපු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ගාෆීල්ඩ් සෝබර්ස් ඊයේ කොළඹ දී සහභාගි වූ මාධ්‍ය හමුවේ දී ය. හෙතෙම අද (22ද) ආරම්භවන තරගය නැරඹීම සඳහා ඉකුත් 19 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම කාසියේ එක් පැත්තක ගාෆීල්ඩ් සෝබර්ස්ගේත් අනෙක් පැත්තේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රීඩක මයිකල් තිසේරාගේත් මුහුණු සිතුවම් කර ඇත.

මෙම කාසිය මෙම දෙරටින් බිහි වූ මෙම ක්‍රීඩකයන් දෙදෙනාට ගෞරවයක් පිණිස නිර්මාණය කර ඇති බව එහිදී අදහස්  දැක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානී සිදත් වෙත්තමුණි මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)