May 05, 2024

ඔස්කා පිස්ටෝරියස් නිදහස් 

ක්‍රීඩා ලොව කලින් කළ පුවත් මවන්නෙකුවන දකුණු අප්‍රිකානු ආබාධිත කෙටි දුර ධාවක ඔස්කා පිස්ටෝරියස් සිර දඬුවමින් නිදහස් කිරීමට දකුණු අප්‍රිකානු අධිකරණය පියවර ගෙන ඇත.

ඉකුත් 19 වැනි දා පිස්ටෝරියස් මෙලෙස නිදහස් කළ ද ඔහුව 05 අවුරුදු නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමට අධිකරණය ක්‍රියා කර නොමැත.

2013 වර්ෂයේ දී එවකට සිය පෙම්වතිය වූ රීවා ස්ටෑන්කැම්ප් වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් පිස්ටෝරියස්ට එරෙහිව නඩු පැවරීමට දකුණු අප්‍රිකානු අධිකරණය ක්‍රියා කළ අතර ඒ හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතවීමට ද  සිදු විය.

කෙසේ වුව ද පසුව අධිකරණය විසින් ඔහු රීවාව සිතා මතාම ඝාතනය කළේ යැයි චෝදනාවලින් නිදහස් කළ අතර සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම මත සිරදඬුවම් නියම කෙරිණි.

කෙසේ නමුත් පසුව පිස්ටෝරියස්ගේ සිර දඬුවමින් නිදහස් කර ඔහුව නිවාස අඩස්සියේ තැබීම සඳහා අධිකරණය පසුගිය සතියේ තීරණය කර ඇත.

මේ අනුව බ්ලේඩ් රනර් ලෙස හැඳින්වෙන 28 හැවිරිදි  පිස්ටෝරියස්ට ඉදිරි වසර 05 ක කාලය පිස්ටෝරියාහි පිහිටි සිය මාමාගේ නිවසේ ගත කිරීමට සිදුවනු ඇත. 

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 October 2015 09:44