May 05, 2024

මාලන් සැමුවෙල්ස්ට පන්දු යැවීම ගැන චෝදනාවක්

තුන්වන වරටත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ(19) නිවේදනය කළේ ය.

ඒ අනුව, තම පන්දු යැවීම නිවැරදි කර ගන්නා තුරු යළි ජාත්‍යන්තර තරගවල පන්දු යැවීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත බව වාර්තා වේ.

ඔහුට මෙම චෝදනාව එල්ල වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 6 කින් ජය ගත් ගාල්ලේ පැවති තරගයේදී ඔහුට මෙම චෝදනා එල්ල විය.

තරගයෙන් පසු විනිසුරුවන් නිකුත් කළ තරග වර්තාවේ දැක්වෙන්නේ මාලන් සැමුවෙල්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ය.

ඒ අනුව, ඔහුට දින 14 ක් තුළ පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂා කර ගැනීමට සිදුවන බව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Rate this item
(0 votes)