May 05, 2024

ලෝක කුසලානයට ඔස්ට්‍රේලියාව හා ආර්ජන්ටිනාව ලංවෙයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඊයේ (18) පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරග දෙකකින් ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව හා ඔස්ට්‍රේලියාව සමත් ව තිබේ.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ සියලු තරග මේ වනවිට අවසන්ව ඇති අතර අවසන් පූර්ව වටයේ තරග එළඹෙන සති අන්තයේ දී පැවැත් වේ.

අවසන් මිනිත්තුව තෙක් ජයග්‍රාහකයා නිෂ්චිතව තහවුරු කළ නොහැකි තරමට තියුණු මුහුණුවරවක් ගත් ඊයේ (18) ලන්ඩන්හි පැවති සිව්වැනි අවසන් පූර්ව තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 35 - 34 ක් ලෙස තියුණු ජයක් ලැබීමට ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමත් විය.

අර්ධ අවසන් පූර්ව වටයේ කාඩිෆ්හි දී පැවති තෙවැනි තරගයෙන් අයර්ලන්තය පරාජය කර ලකුණු 43 – 20 ක අනපේක්ෂිත ජයක් ලැබීමට ආර්ජන්ටිනාව සමත් ව තිබේ. 

Rate this item
(0 votes)