May 05, 2024

තෙවන දිනය අවසන් - කොදෙව්වන් 233ක් පිටුපසින්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ තරගය නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 67 ක් ලබා සිටී.

කොදෙව් පළමු ඉනිම ලකුණු 251කට සීමා වූ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී ලකුණු 484ක් රැස් කිරීම හේතුවෙන් ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා පළමු ඉනිමේ දී ලකුණු 233ක් පිටුපසින් පසු විය.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට යළි දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පැමිණීට සිදු විය. රංගන හේරත් කොදෙව් පළමු ඉනිමේ කඩුලු 06ක් බිඳ හෙලීමට සමත් වී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 October 2015 09:11