May 05, 2024

චන්දිමාල් 05 වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

තම ක්‍රිකට් දිවියේ 05 වැනි ජාත්‍යන්තර ටෙස්ට් ශතකය රැස් කිරීමට  දිනේෂ් චන්දිමාල් අද 915) සමත් විය. 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී චන්දිමාල් මෙම දක්ෂතාව දැක් වූ අතර ඒ සඳහා ඔහුට පන්දු 196ක් වැය විය.

මේ වනවිට ටෙස්ට් තරග 22කට සහභාගි වී සිටින චන්දිමාල් අර්ධ ශතක අටක් සමගින් ලකුණු 1,555 රැස්කරගෙන සිටී. 

ඉකුත් අගෝස්තු මස මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවති සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 162ක් රැස් කිරීම ඔහුගේ මේ දක්වා ඉහළම ලකුණු සංඛ්‍යව වේ.

 

Rate this item
(0 votes)