May 03, 2024

අයර්ලන්තයට, ජපානයට, ඉතාලියට සහ ආර්ජන්ටිනාවට ජය

ලෝක කුසලාන රග්බි තරගාවලියේ මූලික වටයේ අවසන් තරග ඊයේ (11) අවසන් වූ අතර මේ වනවිට අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් 08 ක් සුදුසුකම් ලබා සිටී. 

ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට අයර්ලන්තය, ජපානය, ආර්ජන්ටිනාව හා ඉතාලිය සමත් විය. 

කෙසේ වුව ද මෙම තරගවලින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින්නේ අයර්ලන්තය, ප්‍රංශය හා ආර්ජන්ටිනාව පමණි. 

මෙම කණ්ඩාම් දෙකට අමතරව මෙම වටයට ඔස්ට්‍රේලියාව, නවසීලීන්තය, දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය හා වේල්සය සුදුසුකම් ලබා සිටී.

Rate this item
(0 votes)