May 03, 2024

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා අදියරේ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද(11) සමත් විය. 

ඒ තරගාවලියේ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකින් දකුණු කොරියාව ලකුණු 19-12 ක් ලෙස පරාජයට පත්කරමිනි.

කොළඹ තුරග තරග පිටියේදී මෙම තරගය පැවති අතර මෙය මෙවර ආසියානු කුසලාන රග්බි තරගාවලියේ අදියර ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකාව විසින් දකුණු කොරියාව පරාජයට පත්කළ පළමු අවස්ථාව විය. 

මීට පෙර පැවති අදියර දෙකේදීම ඔවුහු දිකුණු කොරියාව හමුවේ පරාජයට පත්වූහ. ඊයේ (10) ආරම්භ වූ තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වනවිටදී තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස ඉදිරියෙන් රැඳී සිටින අතර, ඔවුන් ඊයේ පැවති තරගවලදී පිලිපීනය හා මැලේසියාව දරුණු පරාජයන්ට ලක්කිරීමද කැපී පෙණිනි.

ශ්‍රී ලංකාව මේ අනුව කුසලාන අවසන් පූර්ව වටයේදී ජපානය සමගින් තරග වැදීමට නියමිතය.

 

Rate this item
(0 votes)