May 03, 2024

මහනුවර ක්‍රීඩාංගණ සංවර්ධනයට මිලියන 30ක්

මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණ සංවර්ධනය කිරිමේ කටයුතු වඩා විධිමත්ව කඩිනමින් ඉදිකරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

අදාල ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය ඉදිරිපත් කිරිමේ දී ඒවායේ විනිවිද බව හඳුනා ගැනීම සදහා අදාල සංවර්ධන ව්‍යාපෘතියේ ඡායාරූප ද සහිතව ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා පැවසී ය. 

දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පලකළේ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සිදු කරන මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පිටි සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමිනි.   

මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘති 38ක් වෙනුවෙන් රුපියල් මිලියන 30ක මුදලක් වෙන් කර තිබේ.  

මේ වනවිට ව්‍යාපෘති 25ක වැඩ අවසන් කර ඇති අතර පාතහේවාහැට, අකුරණ, යටිනුවර, ගගවට කෝරළය හා උඩපලාත යන කොට්ඨාසවල ව්‍යාපෘති 13ක වැඩ අවසන් කිරීමට නියමිතව ඇත. 

රජය මගින් ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති නිසි කලට වේලාවට අවසන් කිරීම රජයේ නිලධාරින්ගේ වගකීමක් බව ද,  පාසැල් ආශ්‍රිත ව සිදු කරන සංවර්ධන කටයුතුවල දී පාසලේ විදුහල්පතිවරයාගේ හා පාසැල් සංවර්ධන සමිතියේ අදහස් විමසා ඔවුන්ගේ සහය ලබාගත යුතු බව ද මෙහි දී දිස්ත්‍රික් ලේකම්වරයා පැවසී ය.  

 

Rate this item
(0 votes)