May 03, 2024

සුසන්තිකාගෙන් ක්‍රීඩා අභ්‍යාස ආයතනයක්  

සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් පදක්කම දිනගෙන වසර 15 ක් ගතවීම සහ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා අභ්‍යාස ආයතනයේ මූලික කටයුතු ආරම්භ කිරීම මෙන්ම ඇයගේ ජීවිත කථාවවන 'මගේ කථාව' ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඉකුත් 07 වැනි දා කොළඹ පදනම් ආයතනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

සුසන්තිකා ජයසිංහ පදනම ආරම්භ කිරීම මෙන්ම සුසන්තිකා ජයසිංහ වෙබ් අඩවිය දියත් කිරීම ද මෙම උත්සවයට සමගාමීව සිදු විය. 

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් මහගු මෙහෙවරක් ඉටු කළ ක්‍රීඩික ක්‍රීඩිකාවන්වන දමයන්ති දර්ශා, ශ්‍රීයානි කුලවංශ, සුගත් තිලකරත්න යන මහත්ම මහත්මීන් වෙත තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

Rate this item
(0 votes)