May 03, 2024

සංගා කිලිනොච්චියේ

උතුරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මකවන මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊයේ (07) ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයට ගොස් තිබේ.

සිව්වැනි වතාවටත් ආරම්භ කළ මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරගාවලිය මෙවර කිලිනොච්චිය යාපනය හා මුලතිව් නගරයන්හි පැවත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව ඊයේ (07) ආරම්භ වූ මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහ තරගය ලබන 11 වැනි දා මුලතිව්හි පැවත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරගාවලිය වෙනුවෙන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 16 ක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 08 ක් තරග වදී.

මෙම ක්‍රිකට් තරගාවලිය නැරඹීමට පැමිණි කුමාර් සංගක්කාර විසින් ගුණ ජය සතුට පදනමේ සම්බන්ධීකරණයෙන් බී.බී.ඩී.ඕ. ලංකා පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් පාසල් ළමුන් වෙනුවෙන් පාපැදි 20 ක් ද ප්‍රදානය කර තිබේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියේ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා ය.

වන්නි රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 October 2015 09:40