May 03, 2024

ශ්‍රී ලංකා 'ඒ' දෙවැනි තරගයත් පරාජය වෙයි

සංචාරක ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම පරාජය කර ක්‍රයිස්චර්ච්හි දී ඊයේ (07) පැවති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ද ලකුණු 15ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත 'ඒ' කණ්ඩායම සමත් විය. 

ඒ අනුව තරග හතරකින් යුත් මෙම තරගාවලියේ තරග 02 - 0 ක් ලෙස නවසීලන්ත 'ඒ' කණ්ඩායම පෙරමුණේ පසු වෙයි.

හේග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත් විය. 

මිචෙල් බ්‍රාස්වෙල් (83), හෙන්රි නිකලස් (නොදැවී 79) හා මිචෙල් පොලාඩ් (54 )  අර්ධ ශතක රැස්කරමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක් වූහ. කසුන් රජිත (2/63) ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුහන් කළේ ය.

ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.3 ක් අවසානයේ දී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 290 ක් පමණි. 

කිතුරුවන් විතානගේ (120) හා ධනුෂ්ක ගුණතිලක (65) පිත්තෙන් දක්ෂතා දැක් වූ අතර ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 119 ක සබඳතාවක් ගොඩනගමින් ජය මාවත එළිපෙහෙලි කර දුන්න ද සෙසු පිතිකරුවන්ට එය ජයග්‍රාහී කඩයිම කරා රැගෙන යාමට නොහැකි විය. ඇඩම් මිලන් (3/49) නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වී ය.

 

Rate this item
(0 votes)