May 04, 2024

තුන්වන තරඟයේ ජය පාකිස්තානයට

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයෙන් කඩුලු 07ක ජයග්‍රහණයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම 05 වැනි දා සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම 39 වැනි පන්දු වාරයේ දී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 161ක් පමණි.

එහි දී බිලාල් අසිෆ් ලකුණු 25කට කඩුලු 05ක් බිඳ හෙලී ය. පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 34 කදී කඩුලු 03ක් දැවී ලකුණු 162ක් ලබමින් තරගයේ ජය හිමි කර ගෙන ඇත.

මෙම ජයග්‍රහණයත් සමග එක්දින තරගාවලියේ ජය දෙකට එකක් ලෙස හිමිවන්නේ පාකිස්තානට ය.

Rate this item
(0 votes)