May 04, 2024

පාකිස්ථානය පරදවා සිම්බාබ්වේට ජය

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වී තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම පළමුවර පන්දුවට පහර දී කඩුලු 06 ක් දැවී ලකුණු 276 ක් ලබා ගෙන ඇත.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථානය කඩුලු 08 ක් දැවී ලකුණු 256 ක් රැස් කරගෙන තිබිය දී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමටයි සිදු විය.

මේ හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සිම්බාබ්වේ කණ්ඩායමට ජය හිමි වූ අතර තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්ථානයට හිමි විය. 

Rate this item
(0 votes)