May 04, 2024

කොළඹ මැරතන් ධාවන තරඟයේ ජය කෙන්යාවට

15 වන ජාත්‍යන්තර කොළඹ මැරතන් ධාවන තරඟය අද(04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා පැවැත්විණ. 

කිලෝමීටර් 42 ක දුරක් පැවති තරඟයේ පිරිමි විවෘත ඉසව්ව පැය දෙකයි විනාඩි 23 යි තත්පර 17 ක කාලයකින් නිම කරමින් රන් පදක්කම දිනාගනු ලැබුවේ කෙන්යාවේ අන්තෝනි මුගෝ විසිනි. 

පැය 3 යි විනාඩි 2 යි තත්පර 38 කින් තරඟය නිමා කළ ශ්‍රී ලංකාවේ අනුරාධි බෝගහවත්ත එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය. 

මෙවර කොළඹ මැරතන් ධාවන තරඟයට රටවල් 35 ක් නියෝජනය කරමින් විදේශීය සහ දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6300 ක් පමණ එක්ව සිටියහ.

Rate this item
(0 votes)