May 04, 2024

ක්‍රිස් ගේල් නෑ - ශ්‍රී ලංකා සංචාරයට එන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්සයි 20 තරගාවලියට සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබේ.

ඒ අනුව ක්‍රිස් ගේල් එම සංචිතයෙන් ඉවත් කර ඇති අතර, දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරයින් සංචිතයට ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ පන්දුවාර විස්සයි 20 තරගාවලිය නොවැම්බර් මස 01 වැනි දා මෙරටදී ආරම්භ වේ. ඊට එක්දින තරග 3ක් සහ පන්දුවාර 20 යි 20 තරග 2ක් ඇතුළත් ය.

ඒ සඳහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට නවක ක්‍රීඩකයින් රැසක් කැඳවා තිබේ. මෙවර එක්දින තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙහෙය වන්නේ, තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ය. පන්දුවාර විස්සයි 20 තරගාවලිය මෙහෙයවීම ඩැරන් සාමිට හිමි ව තිබේ.

ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයකි. ආබාධයකට ලක් ව සිටීම සහ පන්දු යැවීමේ ඉරියව්ව දෝෂ සහිත වීම හේතුවෙන් මාස 14 ක කාලයක් කණ්ඩායමෙන් ඉවත් කර සිටි පිට දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරයින් ද සංචිතයට කැඳවා තිබේ.

දෙරට අතර පළමු එක්දින තරගය නොවැම්බර් පළමු වන දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.

Rate this item
(1 Vote)