May 04, 2024

රග්බි තරු රැසක් ලෝක කුසලානයෙන් ඉවතට 

September 30, 2015

ලෝක කුසලාන රග්බි තරගාවලියේ මූලික වටයේ තරග 19 ක් (ආසන්න වශයෙන් අර්ධයක්) අවසන් වනවිට දී තම කාණ්ඩයන්හි පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව (ඒ), ස්කොට්ලන්තය (බී), නවසීලන්තය (සී) හා අයර්ලන්තය (ඩී) සමත් ව තිබේ. 

ඔවුන් සියලුදෙනා මේ දක්වා තරගාවලියේ තරග 02 බැගින් ක්‍රීඩාකර ඇති අතර, එම සියලු තරග ජය ගැනීමට සමත් ව ඇත. කෙසේ වෙතත් මේ වනවිට කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී ඇත. 

ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු නායක ජෝන් ඩිවිලියර්ස් මෙවර තරගාවලිය අතරතුරදීම අන්තර්ජාතික රග්බි පිටියට සමුදීමට තීරණය කිරීම ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වේ.

සැමෝවා සමග ඉකුත් 26 වැනි දා පැවැති තරගය අතරතුර දී ඔහුගේ හනුව (හක්ක හා දත්පෙළ අසල/ jaw) බිඳී ගියේය. වෛද්‍ය නිර්දේශ මත තරගාවලියෙන් ඉවත්වීමට ඔහුට සිදු වූ අතර, මේ හේතුවෙන් ඩිවිලියර්ස් පසුගිය 27 වැනි දා අන්තර්ජාතික රග්බි පිටියෙන් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළේ ය. 34 හැවිරිදි ඩිවිලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් අන්තර්ජාතික තරග 109 ක් ක්‍රීඩාකර ඇත.

 

Rate this item
(0 votes)