May 04, 2024

ෆිල් සිමන්ස් ඉවතට

September 29, 2015

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ෆිල් සිමන්ස් එම තනතුරෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. 

ශ්‍රී ලංකා සංචාරය සඳහා නම් කළ කොදෙව් එක්දින කණ්ඩායම සම්බන්ධයෙන් නොසතුට පළ කිරීමත් සමග ඔහු එලෙස ඉවත් කර ඇතැයි වාර්තා වේ.

ඊයේ (28) පෙරවරුවේ බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිමන්ස් පුහුණුකරු තනතුරෙන් ඉවත් කළ බවට ඊමේල් පණිවුඩයක් යවා ඇත.

පාලක මණ්ඩලයේ තීරණය සම්බන්ධයෙන් ෆිල් සිමන්ස් නීති උපදෙස් පතා ඇති බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 September 2015 10:31