May 03, 2024

සංචාරක ඕස්ට්‍රේලියානු පිළ වෙනුවෙන් බංග්ලාදේශය ආරක්ෂාව තර කරයි

September 29, 2015

ඕස්ට්‍රේලියානු පිළ සිය සංචාරය පමා කිරීම හේතුවෙන් වැඩි ආරක්ෂක විධිවිධාන යෙදවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ටෙස්ට් තරඟ දෙකක සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළ බංග්ලාදේශය බලා ඊයේ(28) පිටත් වීමට නියමිතව තිබිණි. එහෙත් ඒ වෙනුවට ආරක්ෂක තත්ත්වය ඇගයීම සඳහා  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක කළමනාකරු ඊයේ බංග්ලාදේශයට පැමිණියේය. 

ඔහු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)