May 08, 2024

මිහිලියාට ස්කොෂ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක්

September 18, 2015

05 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රිඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වූ මිහිලියා මෙත්සරණි ස්කොෂ්  ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට  සමත් වී තිබේ.

ජාතික ස්කොෂ් ශුරියවන මිහිලියා මෙත්සරණි ලැබු ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක ප්‍රථම වරට සහභාගිවීමෙන් ලැබු ප්‍රථම ස්කොෂ් පදක්කමවීම විශේෂත්වයකි. 

ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක  බාලිකා විදුහලේ ශිෂ්‍යාවකි. වයස අවුරුදු 07 දී ස්කොෂ් ක්‍රිඩාවට අවතීර්ණ වූ ඇය 2005 දී පාසල් ස්කොෂ් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිඩා දිවියට පිවිසුණා ය. 2012 දී ස්කොෂ් කනිෂ්ඨ ශුරිය වූ අතර එම වසරේදීම ස්කොෂ් ජාතික ශුරිය ද  වුවා ය.

ස්කොෂ් ක්‍රිඩාවෙන් ශ්‍රි ලංකා වර්ණ 09 වතාවක් හිමි කර ගෙන ඇති ඇය ආසියානු ස්කොෂ් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව වයස අවුරුදු 17 න් පහළ සිවි වන ස්ථානයේ පසුවන්නී ය. 

පාසල් ස්කොෂ් කණ්ඩායමේ නායකත්වය දැරු ඇය පාසැල් බැඩිමින්ටන්, ක්‍රිකට් හා පාපන්දු කණ්ඩායම් ද නියෝජනය කරන දක්ෂ ක්‍රිඩිකාවකි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 18 September 2015 09:07