May 08, 2024

පාසල් බාලක බොක්ෂිං ශූරතාව හොරණ විද්‍යාරත්න විදුහලට

September 17, 2015

2015 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලක බොක්ෂිං ශූරතාව හොරණ විද්‍යාරත්න විද්‍යාලය දිනාගෙන තිබේ. 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේ අනුශූරතාවය මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයටත් තෙවන ස්ථානය පේරාදෙණිය මැදි මහ විදුහලටත් හිමි විය.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූයේ හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ ඒ.කේ. මදුරංග සිසුවා ය. දක්ෂතම පරාජිතයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ යූ.එම්.එස්. නිරංජන් සහ නැගී එන පාසල් බොක්ෂිං ක්‍රීඩකයා ලෙස පල්ලෙබෝවල විද්‍යාලයේ එච්.ජී.ඩී.සී. අබේසේකර ද නම් කර තිබේ.

 

Rate this item
(0 votes)